Friday, November 8, 2013

මගේ ආදර කතාව


එදා තමයි අපි ඉස්කෝලේ A/L ක්ලාස් එකට ආපු පලවෙනි දවස. ගොඩක් සතුටුයි. එ 2009 අව්රුද්ද. අපි ඉතින් ඉස්කෝලේ හැම තැනම කරක්ගැහුවා අපි තමයි ලොක්කෝ කියල හිතාගෙන. ( අපිනෙ දන්නේ )
මට ඉතින් පිස්සු නටන යාලුවෝ සෙට් එකක් හිටිය, ඔහේ ඉතින් ඇවිද ඇවිද ඉදල කැන්ටිම ළඟ ලෝන්තේ දානකොට තමයි මම එයාව මුලින්ම දැක්කේ. එතකොට එයා 8 වසරේ. මම 12 වසරේ.
මට තවම මතකයි එ මොහොත. මම ඈත ඉදන් බලන් හිටිය. එයා එ ලස්සන හිනාව දාගෙන යාලුවෙක් පස්සේ දිව්වා. තවම පුංචි කෙල්ලෙක් මගේ හිත මට කිව්ව. එත් එ වගේ හැඟීමක් මට මිට කලින් දැනිල තිබුනේ නෑ. එ නිසා හිත එයා ගැනම මට කිව්වා.. කොහොම උනත් එ පුංචි සිදුවීම මට තුන හතර සැරයක්ම මැවිලා පෙනුන. දැනට අවරුදු ගානකට කලින් උනත් එ හිනාව අදටත් එහෙමම මතකයි..


ඉතින් එදා ඉඳන් මම ඉස්කෝලේ ආවම මුලින්ම හෙව්වේ එයාව. සමහර දවසට එයා ඉස්කෝලේ එන්නේ නැ. මට හරි ප්‍රශ්නයක් ඇයි මේ කියල.

කොහොම උනත් දැන් මට තේරුණා මම ඉස්කෝලේ එන්නේ එයා නිසා කියල. ඉගෙන ගන්න උවමනාවක් හිතට ආවේ නැහැ. හැම වෙලාවේම එයාව බලන්න යන්න හිතුන. මිට කලින් ආදරේ කරලත් නැහැ. මේ මගේ පලවෙනි ආදරේ. කොහොම හරි උගන්නන්නේ නැති දවසක් ආව. මං සැපට දුකට ඉන්න මගේ යාලුවෝ සෙට් එකත් එක්ක පිට්ටනියට ගියා. එ නංගි සෙල්ලම් කරනවා. මටත් නොදනිම සියඹලා ගහ යට මාව ඉන්දවුනා. මං නිකටට අතක් තියාගෙන එයා දිහා බලාගෙන හිටිය. එයා එහෙට මෙහෙට දුවනවා. ලස්සන කොණ්ඩයක් තිබුන එයාට. එත් ඊටත් වඩා මං ආදරේ කළා එ අහිංසක හිනාවට. මට තේරුණා මෙහෙම ඉඳල බැහැ. එයා ගැන මම උනන්දුයි කියල පෙන්නන්න ඕන කියල. මම එයාට පේන විදියට එයා දිහා බලන් හිටිය. එයා බලන්න ඇති මේ මොකද කියල. එත් එයා එහෙම පෙන්නුවේ නෑ. අර ලස්සන හිනාවෙන් මට සංග්‍රහ කරලා යන්න ගියා.. එ හිනාව ඇතුලේ අඳුරු කතන්දරයක් ඇති කියලා මම කවදාවත් හිතුවේ නෑ..
"ආ කොල්ල දැන් දියුණු වෙලානේ යකෝ. ඉස්සර කෙල්ලෝ පෙන්න බෑ දැන් බලාගෙනම ඉන්නවනේ " කියල යාලුවෝ මට විහිලු කළා.
ටික කාලයක් ඉදල මට තේරුනා මේක හරි යන්නේ නෑ මෙය එක්ක ටිකක් කතා කරන්න ඕන කියල..
එ දවස් වල අපි හැමදාම හිටියේ අර කලින් කියපු සියඹලා ගහ යට. යාලුවෝ 5ක් 6ක් සෙට් වෙනවා එතනට. ඉතින් දවසක් උදේ මමයි මගේ යාළුවෙකුයි එතනට වෙලා හිටිය. උදෙන්ම එ දවස් වල මම ඉස්කෝලේ ආව මගේ නංගිව බලන්න. එයත් උදෙන්ම ආව. එදා වාසනාවන්ත දවසක්.
ඉස්කෝලේ අතුගාන තැන් බෙදල තියෙන්නේ පන්ති වලට. එයාලට අතුගාන්න තිබුනේ අපේ සියඹලා ගහ ළඟ. එදා එයා ආව තව යාලුවෝ දෙන්නෙක් එක්ක. මමත් අසාවෙන් එතන බිත්තියට කකුලක් තියාගෙන බලන් හිටියා. එයාට යාළුවො විහිලු කරනවා මං දිහා බල බල. අපිට ඒවා ඇහුනේ නැතත් අපිට තේරුනා එ මං ගැන තමයි කියන්නේ කියල. නංගි හිතන්න ඇති මම එදා එයා එක්ක කථා කරයි කියල.එත් " එයා කතා කලේ නැත්නම්, බැන්නොත් " ඔන්න ඔය වගේ දේවල් මට හිතුන නිසා මම එදා කතා කලේ නෑ. මගේ හිතේ මොකක්දෝ බයක් සැඟවිලා තිබුන. එයා යාලුවන්ගේ විහිළුවලට ද, නැත්නම් මම කතා නොඅක්රපු නිසාද දන්නේ නෑ, ඉදල පොලවේ ගහල අපිට ඉතින් කතා කරන්න අයියල නැනේ කියල තරහෙන් වගේ යන්න ගියා. මං බැලුව මේ මොකෝ කියල. මගේ යාලුවත් අපෝ බං ඇයි උඹ ඔහේ බලන් හිටියේ බං කියල කිව්වා. එයාගේ යාලුවෙක් ලඟට මං ගිහින් ඇහුව එ මොකද කියල. එ යාළුවා කිව්ව "අයියේ එයා ඔයා ගැන හිතනවා එත් අපි කාටවත් කිව්වේ නම් නෑ. අපිටත් දැනිල තියෙන්නේ" කියල.

ඉතින් මටත් ගොඩාක් සතුටු හිතුනා. "එයා මට කැමතියි" මගේ හිත හැම වෙලාවේම මට මුමුණනවා වගේ ඇහුනා. හැම මොහොතකම මගේ ඇස් හෙව්වේ එයාව විතරයි.. මම හිත ශක්තිමත් කරගෙන දෙතුන් වතාවක් එයා ලඟට ගියා. එත් එයා හෙමිට මග ඇරලා යන්න ගියා. මං මුලදී හිතුව කෙල්ලෝ ඔහොම්මමයි අපිව බයිට් කරනවා කියල, මං දවසෙම මේ ගැන හිතුව. මට පස්සේ තේරුණා මම හිතපු දේ වැරදියි එයා බයයි යාලුවෝ ටීචර් කෙනෙක්ට එහෙම කියයි කියල. ඉතින් මං කල්පනා කළා එයාගේ යාලුවෝ මුලින්ම යාළු කරගන්න ඕන කියල. එත් ඒක හිතුවට වඩා ගොඩක් ලේසි උනා. එයාගේ යාලුවෝ ගොඩක් කැමතියි අපි දෙන්නව එකතු කරන්න.
මම යාළුවන්ට කිව්ව කොහොම හරි එයාව යාළු කරලා දෙන්න කියල. එයාලත් කැමති උනා. එත් එකනම් ලේසි නෑ අයියේ එයා බයයි කියල යාලුවෝ කිව්ව. මං කල්පනා කළා ඇයි මේ තරම් බය කියල.

ඊට පස්සේ මම එයා යන බස් එකේම යන්න පටන් ගත්ත. දවසක් එයාගේ ලඟට යන්න මට පුළුවන් උනා. මම එයාගේ ලඟට වෙලා හිටියා. එයා එ ලස්සන හිනාවෙන් මුහුණ හැඩ කරගෙන හිටියා. මම කථා කරන්න හදනකොටම එයා ඉස්සරහට ගිහින් බස් එකෙන් බැස්ස එදා තමයි මම දැනගත්තේ එයා ඉන්නේ එහෙ කියල. එත් ආයේ බස් එකේ කතා කරන්න හම්බුනේ නම් නෑ.
එත් ඉස්කෝලෙදි කතා කරන්න පුළුවන් උනා.

එයාව බලන්න ඕන නිසා මම හැමදාම එලියට වෙලා බලන් හිටිය. එදා එයාගේ යාලුවෙක් එයාව ඇදගෙන ආව මගේ ලඟට ආ දැන් කතා කරගන්න කියල එයා පැත්තකට වෙලා හිටිය. මටත් ගොඩක් සතුටුයි. මං ටිකක් ලඟට ගියාම එයා ටිකක් එහාට උනා. ඒ ලජ්ජවටයි බයටයි. මට තේරුණා. ඉතින් මං කිව්වා හරි හරි ඔහොම ඉන්න මං ලඟට එන්නේ නෑ කියල.
ඊට පස්සේ අපි කථා කළා. එයත් අහිංසකයි වගේ පෙනුනට හරි කටකාරයි. මම එයාගේ විස්තර එහෙම ඇහුවා. එයත් ඇහුවා. මම මගේ හිතේ එයා ගැන තිබුන සේරම එයාට කිව්වා. එයාගේ කැමැත්ත ඇහුව. "මට බෑ අයියේ, මට බයයි" එච්චරයි එයා කිව්වේ. ටිකකින් අර යාළුවා ඇවිත් අන්න ටීචර් එනවා කියල එයාවත් ඇදගෙන ගියා. ඒ යන අතරේ එයා මගේ දිහා හැරිලා බලලා හිනා උනා. මටත් නොදැනීම මගේ මුනෙත් හිනාවක්‌ ඇඳුනා.. ඒ කථා කරපු වෙලාවේ මගේ හිතට කිසිම දෙයක් දැනුනේ නෑ. කිසි දෙයක් මතකෙට ආවේ නෑ. මම කලේ ඒ අහිංසක ඇස් දෙක දිහා බලාගෙන හිටපු ඒක. අපි විනාඩි 10 ක් විතර තමයි කථා කරලා තිබුනේ, එත් එකත් මට පැය ගානක් වගෙයි දැනුනේ. මට ගොඩාක් සතුටුයි. එත් එයා බැ කිව්ව එකට දුකයි.

මම පස්සේ අර යාලුවට ස්තුති කළා. එයා කිව්ව කොහොම හරි කැමැත්ත අරගෙන දෙන්නම් අයියේ කියල.
ඉතින් ඔහොම ඔහොම කාලය ගෙවුනා. මම වෙලාවක් හම්බුනා හැම වෙලාවේම එයාගෙන් කැමැත්ත ඇහුව. එයා කිව්වේ "මට බයයි" ඒ ටික විතරයි. කැමති නෑ කිව්වේ නැති නිසා මම හැමදාම ආදරේ කළා.
හිත ගිය තැන මාලිගාව කියනවනේ,,,

කොහොම උනත් මෙහෙම අව්රුද්දක් ගෙවිලා ගියා.
එයා ඉස්කෝලෙන් යනවා කියලා ආරංචි උනා. මට ගොඩක් දුකයි. පුගොඩ ඉස්කෝලෙකට යනවා කියල එයාගේ යාලුවෝ කිව්ව. මට එයාගේ යාලුවෙක් කිව්ව අයියේ අද විතරයි එයා ඉස්කෝලේ එන්නේ. ඔයා අද කොහොම හරි අහන්න. අදනම් එයා කැමතියි කියනවා කියල. මම බලාගෙන හිටියා හිටියා එයා මාව මග ඇරියා. බැරිම තැන මම එයා ලඟට කොහොම හරි ගියා. එයා එතනිනුත් යන ගමන්,
" මේ මම ඔයාට කැමති නෑ, මගේ පස්සෙන් එන්න එපා ! " කියල යන්න ගියා. මට ගොඩාක් දුක හිතුන. මං ක්ලාස් එකට වෙලා ඔහේ බලාගත්ත අත බලාගෙන කල්පනා කළා. මට එයා ගැන තරහකුත් තිබුන. එත් දුක ඊට වඩා වැඩි උනා. කිසි දෙයක් හිතා ගන්න බෑ. එයා ඉස්කෝලෙන් යන්න ගියා. මං තනි උනා..
එයා ඉස්කෝලෙන් යන්න ගියා. එකම ඒක දවසක් වත් මම දැක්කේ නෑ එයාව. එයා ඒ කියපු වචන ටික "මේ මම ඔයාට කැමති නෑ, පස්සෙන් එන්නෙපා" හැමදාම මගේ හිතේ රැව් දුන්නා. මං ගොඩක් කලකිරීමෙන් හිටියේ. ආදරයට වඩා මගේ හිතේ වෛරයක් ඇති උනාදෝ කියල මට සැකයි. යාලුවෝ කිව්ව එකී ගිය ඒක හොඳයි බං. අපි කොහොමත් කැමති නෑ එයා එක්ක උඹ යාළු වනවාට කියල. මම දැනගෙන හිටියේ නෑ එයාල ඒ කියපු කතාවේ තේරුම. මට දැනගන්න ඕන උනෙත් නෑ.

ටික දවසක් ගිහින් යාලුවෝ මට නංගි කෙනෙක්ව ජෝඩු කළා. මට විහිලු කළා. මට එත් උවමනාවක් තිබුනේ නෑ. එදා ඉස්කෝලේ නිමාඩු දෙන දවස. යාලුවෙක් මගේ ෆෝන් නම්බර් ඒක කොලේක ලියල අර මාව ජෝඩු කරලා විහිලු කරපු නංගිට දුන්නා. මට ඇවිත් කිව්වා "උඹ ඔහොම ඉන්නවට අපි කැමති නෑ බං. මම අරයට උඹේ නම්බර් ඒක දුන්නා" කියල.
ඒ නංගි හරියටම අනුෂ්කා ශර්මා වගෙයි. ඒ උනත් එයාගේ ලස්සන විතරයි. හිත ලස්සන නෑ. එයා මට වඩා අවරුදු 6 ක් බාලයි.
මමත් "හා කමක් නෑ ඔන්න ඔහේ නම්බර් ඒක දීපන්. මට එතකොට වත් අරයට රිද්දන්න පුළුවන්" කියල හිතුව. නිමාඩු දීලා සතියකට විතර පස්සේ අර නංගි මට කොල් කළා. මම කථා කළා එයා මගේ නම කියල ඇහුව ඔයාද කියල. මම ඔවු කිව්ව. එත් මට එයා එක්ක කතා කරන්න ඒ තරම් උවමනාවක් තිබුනේ නෑ. නමුත් මට අරයට රිද්දන්න ඕන උනා. මට බලාපොරොත්තු දීලා දීලා එයා එහෙම කරපු නිසා. මම ඉතින් මේ නංගි එක්ක කථා කර කර හිටියා ෆෝන් එකෙන්. නිමාඩු කාලේ ඉවර උනා. මේ අතරේ මම යාලුවෝ එක්ක බොන්න පුරුදු උනා. මගේ ජිවිතේ නරකම කාලේ. මම ගොඩක් බිව්වා. ජීවිතේට මුකුත්ම බිලා තිබුනේ නෑ. එත් මට ඒවායින් සැනසීමක් දැනුනා. ඉස්කෝලේ පටන් ගත්තා. මම ඔහේ හිටියා. ඒ දවස් වල ඒ නංගිගේ පන්තියේ කෙනෙක් එක්ක මගේ යාලුවෙක් යාළු වෙලා හිටියා. ඉතින් ඒ මගේ යාළුවා මාවත් එක්කගෙන ගියා එයා යාළු වෙලා ඉන්න කෙනා හම්බෙන්න. මමත් ගියා. ගිහින් ඉන්නකොට ඒ නංගි ආවේ අර මට කෝල් කරන නංගිත් එක්ක.
ඒ දෙන්නා කතා කර කර හිටියා. මම අර නංගි එක්ක හිනා උනා. එයත් හිනා උනා. එයාට මමත් එකක කතා කරන්න උවමනාවක් තිබුන. එත් එයා වටපිට බල බල හිටියා. අර මගේ යාළුවා යාළු වෙලා ඉන්න නංගි එකපාරටම කිව්ව "මොකක්ද අනේ ඔයාල දෙන්නා කතා කරන්නේ නැද්ද ? අයියේ මෙයාව එක්කන් ආවෙත් ඔයා නිසාමයි" කියල. මං පොඩි හිනාවක්‌ දාල අර නංගිට ඔලුවෙන් එන්න කිව්ව. එයා ලඟට ආව. අපි කථා කර කර හිටියා. මම අතින් වත් ඇල්ලුවේ නැහැ. ඒ නංගිව මට අයිති නැති නිසා..
ඔහොම ඔහොම අපි ෆෝන් එකෙනුත් කථා කළා. එත් අපි දෙන්නම දැනගෙන හිටියා අපි දෙන්න ආදරේ කරන්නේ නෑ කියල. මේ අතරේ අර මම කලින් පස්සෙන් ගියපු නංගිට මේ හැම දෙයක්ම ආරංචි වෙලා කියල මට ඒ පන්තියේ නංගිලා කිව්වා.
ආදරයක් නැති උනත් අපි හොඳම යාළුවො වගේ හිටියේ. එත් ඉස්කෝලේ හැමෝම හිතුවේ අපි ගොඩක් ආදරෙන් ඉන්නේ කියල. අපි මෙහෙම මාස 3 ක් හරියටම යාළු වෙලා හිටියා. ඊට පස්සේ දවසක් ඒ නංගි කිව්ව අයියේ ඔයා මට වඩා අවරුදු 6 ක් බාලයි. අපි මේ කරන වැඩේ බොරුවක්නේ කියල. මම කිව්ව ඔව් නංගි මං දන්නවා. අපි මේක නවත්තමු කියල. කොහොම හරි අපි ෆෝන් එකෙන් කතා කරන ඒක නැවැත්තුවා. මමත් සිම් ඒක මාරු කළා. එත් ඉස්කෝලෙදි හම්බුනාම අපි හිනා වෙලා හිටියා. දෙන්නගේ කිසිම තරහක් තිබුනේ නෑ. අදටත් එයා හම්බුනාම ලස්සනට හිනාවෙනවා මාත් එක්ක. දැන් නම් එයා ගොඩක් ලස්සනයි. උසයි.
ඉතින් මේ සම්බන්දෙ නවත්තලා දවස් දෙකක් ගියේ නෑ අර මම කලින් පස්සෙන් ගිය නංගි අපේ ඉස්කෝලෙට ආයේ ආව. මම එයා අපු දවසේ ඉස්කෝලේ ගිහින් තිබුනේ නෑ,. එත් මට යාලුවෙක් කිව්වා එයා අවා කියල. මම දැනගෙන හිටියා එයා ආවේ අර සම්බන්දෙ ආරංචි වෙලා තමයි කියල. මම සතියක් විතර ඉස්කෝලේ යන්නේ නැතුව හිටියා.
දවසක් එයාගේ යාලුවෙක් පාරේදී මට මබවෙලා කිව්ව අයියේ අන්න අරයා ඔයාව හොයනවා, ඇයි ඉස්කෝලේ එන්නේ නැත්තේ,, අනිවරෙන්ම ඉස්කෝලේ එන්න කියල කිව්වා. මමත් විස්තර ඇහුවාම ඒ නංගි කිව්වා "ඔයාගෙයි අරයගෙයි සම්බන්දෙ ආරංචි වෙලා, මෙයා මැරෙන්නත් ගිහින්. අර ඉස්කෝලේ ඉන්න බෑ කියල අඬලා අඬලා තමයි මේ ඇවිත් තියෙන්නේ" කියල කිව්වා.
මට දුක හිතුනා. මං ඊළඟ දවසේ ඉස්කෝලේ ගියා. එතකොට ඉස්කෝලේ sports meet කාලේ. උගන්නනවා අඩුයි. පොඩි පොඩි කොල්ලෝ කුරුට්ටෝ එහෙ මෙහෙ දුවනවා.
ළමයි දුර පනින්න පුරුදු වෙන තැන මම බිම ඉඳගෙන හිටියා. අරයා එතනට ආව. මං දිහා අමුතු බැල්මක් බලාගෙන හිටියා. මම ඒ තරම් ගානක් ගත්තේ නෑ. මට එයාව දැකපු ගමන් අර කිව්ව වචන ටික මතක් උනා. සමහර විට මම එයාට ඔරවන්න ඇති. එයාගේ යාලුවෙක් කිව්වා "ඔච්චර නපුරු වෙන්න එපා" කියල. පස්සේ ටික වෙලාවකින් එයාගේ යාලුවෙක් ඇවිත් කිව්වා ආයේ අහන්න අයියේ කියල.
මම කිව්ව "අනේ මේ මට බෑ ඔච්චර, මට ඕන නෑ " කියල. විනාඩි පහකින් විතර එයා බිම බලාගෙන මගේ ලඟට ආව. මගේ දිහා බැලුවේ වත් නෑ.. මට හිතා ගන්න වත් බෑ. එයා මගේ ළඟ...
" මං කැමතියි අයියේ " එච්චරයි මට ඇහුනේ. එයා දුවල යන්න ගියා. ඈතට ගිහින් මං දිහා බලල මනමාල හිනාවක්‌ දැම්ම.

එදා ඉදන් අපි ගොඩාක් ආදරෙන් හිටියා. එත් කැපී හම්බෙලා කථා කලේ නෑ. හැම වෙලාවේම කතා කලේ ලියුම් වලින් විතරයි. මේ ලඟක් වෙනකම් මගේ ළඟ ලියුම් ගොඩාක් පිරිලා තිබුනා. හරිම අමාරුවෙන් අපි ආදරේ කලේ. හිතන්නකෝ අව්රුද්දක් හිතෙන් ආදරේ කරලා තව අව්රුද්දක් ලඟට වත් එන්නේ නැතුව ආදරේ කලාම. එත් කවදාවත් අපි දෙන්නගේ ආදරේ බින්දුවක් වත් අඩු උනේ නම් නැහැ. කවදාවත් රණ්ඩු වෙලත් නෑ.
අපේ ඉස්කෝලේ දෙකට බෙදල තියෙන්නේ ලොකු ඉස්කෝලේ, පොඩි ඉස්කෝලේ කියල. ලොකු ඉස්කෝලේ ඉන්නේ 6 වසරේ ඉදන් උඩට. දවසක් පොඩි ඉස්කෝලේ උත්සවයක් තිබුනා. එයා එකට ආව. මටත් එන්න කියල පණිවිඩයක් එවල තිබුන. එදාම තමයි එයා ෆෝන් එකක් අරගෙන තිබුනේ. මම ආව. එයා මට කෝල් කළා. ඉතින් ටික වෙලාවකින් කොල්ලෙක් කතා කරලා මට බැන්න. කව්ද දන්නේ නැති නිසා මටත් බනින්න බැනේ මං කට් කළා. ටිකකින් මම දැක්ක එයා අඩාගෙන පාර ළඟ ඉන්නවා. මට මාර අප්සට්. මගේ ඇස් වලට කඳුළු ආවා. එතකොටයි දැනගත්තේ එයාගේ අයිය කෙනෙක් ට අහු වෙලා.
ඒ මෝඩයා නංගිට ගහල. එකයි අඬන්නේ. මට පුදුම කේන්තියක් ආවේ. එත් මම පාලනය කරගෙන හිටියා. ඔහොම ඔහොම ටික දවසක් ගෙවුනා. ඒ එයාගේ අයියා කෙනෙක් නෙමේ, ඒ එයාගේ ඇවැස්ස මස්සිනා කියල මට දැනගන්න ලැබුනා.
ඊට පස්සෙයි මම එයාගේ පවුලේ විස්තර දැනගත්තේ. එයාගේ තාත්තා මේසන් බාස් කෙනෙක්ලු. අම්මා ඩුබායි වල ඉන්නේ. (අම්මා ඒ තරම් හොඳ කෙනෙක් නම් නෙමෙයි කියල ඒ පැත්තේ ගොඩක් අය කිව්ව). එයාලගේ ගෙදර පවුල් 3 ක් ජිවත් වෙනවා. හැමෝම එකට ඉන්නේ. ඒ කිව්වේ මෙයාගේ අම්මගේ අක්කලා, ඒ මහත්තයලා සේරම. හ්ම්ම්...
තව තියෙනවා මේ වගේ දේවල්. මට මේකේ දාන්නත් බෑ. එයාලගේ ඒ පව්ලේ පිරිමි 3 දෙනෙක් හිරේ ඉන්නේ. හොරකම් කරලා.
මං එදා තමයි දැනගත්තේ ඒ අහිංසක හිනාව පිටිපස්සේ තිබුන දුක් ගින්දර.
මම එත් ආදරේ කළා..
දවසක් එයාලගේ ගෙවල් පැත්තේ යාලුවෙක් මට කතා කළා එයාගේ කම්පියුටර් ඒක කැඩිලා හදල දෙන්න කියල. මං බයෙන් බයෙන් වගේ ඒ පැත්තේ ගියේ.මොකද නංගි ගේ පව්ලේ අය මැරයෝ වගේ නිසා. කොහොම හරි හොරෙන් ගියා කියමුකෝ, අර යෝධයා මාව දකලානේ අප්පා. මම දන්නේ නෑ. දැන් කොම්පියුටරේ ඔක්කොම හදල කෑලි සෙට් කරලා ඔන් කරනං හදනකොටම බයික් එකක් ඇවිත් නැවැත්තුව. කථා කළා, මට ඉන්න කියල මගේ යාළුවා ගියා. ගිහින් ටිකකින් ආයේ ඇවිත් උඹව අහනවා කිව්ව.මං දැනගත්ත හරි තමයි කියල. මම ගියා.
මට ඒක පාරක් ගැහුවා එත් මගේ යාළුවා ඒක මට වදින්න දුන්නේ නෑ ඇල්ලුවා. ඊට පස්සේ ඇයි බං මොකක්ද අවුල කියල ඇහුවම මස්සිනා කිව්ව "මු මගේ නංගි එක්ක යාලුයි" කියල. ඊට පස්සේ ඒක කියල ආයේ එකක් ගැහුවා. මගේ කම්මුල ලගින් ගෑවී නොගෑවී ගියා මට එතකොටම ගොඩක් තරහ ගිහින් හිටියේ. මට නංගි අඩපු හැටි මතක් උනා. මම මස්සිනා ව ඇදල අරගත්තා. අරගෙන මුනට ගහගෙන ගහගෙන ගියා. ඒ අස්සේ එයා එකක් අපු අනික කොල්ලත් මට ගහනවා. මගේ යාළුවා ඌ ව අල්ල ගත්ත. මම නැවතුනේ නෑ. ඒ මගේ හැටි. මට තරහ ගියාම මම වත් දන්නේ නෑ මොනවා කරනවද කියල. කොහොම හරි මස්සිනා ගේ වාසනාවට වගේ එයා පොඩ්ඩක් එහාට දිව්වා. අඩි දෙකක් විතර එහාට. පස්සේ මගේ යාළුවා මාව ඇදල අරන් වත්ත ඇතුලට දාල gate එක වැහුව. එතකොටයි මම දැක්කේ මස්සිනා ගේ නහයෙනුයි කටෙනුයි ලේ ඇවිත්. මට දැන් බය හිතුන. එයා කෙල ගැහුවා රතුම රතු පාටයි. එහෙම්මම ඒ දෙන්න බයික් එකේ නැගල යන්න ගියා. පස්සේ මම කිව්ව යාලුවට "යමන් යමන්. ගනින් බයික් ඒක" කියල. මගේ යාලුවෙක් ට මම කෝල් කරලා කිව්ව මෙහෙම වැඩක් උනා කියල ඒ වෙලාවේම. ඒ යාලුවත් ඒ ළඟ ඉන්නේ. ඒ යාළුවා කිව්ව ආ මචෝ සොරි මට මුකුත් කරන්න බෑ ඒ මස්සිනා ඒ යාලුවටත් කෝල් කරලා කියල. දැන් ඌ සෙට් එකක් අරන් ඔහෙට එනවා මටත් එන්න කිව්ව කියල ඒ යාළුවා කිව්ව. මට තවත් බය වැඩි උනා. බයික් එකෙන් මං ගෙදරම ආවා. අපේ පැත්තට එහෙම එන්නේ නෑ. ඉතින් බයක් තිබුනේ නම් නෑ.
ඉස්කෝලේ ගියා. නංගි ඇවිත් හිටියා, අපේ ක්ලාස් එකට ඉස්සරහින් තමයි සංගීත කාමරේ තියෙන්නේ. එයා ඇවිත් ඉන්නවා එතන. අමම්ත් බලාගෙන හිටිය. අපි ඇස් වලින් කථා කළා. හැමදාම. එයා ලියුමක් දුන්න. ගෙදර අය එයාට හොඳටම බැන්නලු. මස්සිනාගේ නහය කැඩිලාලු. දැන් ගෙදර අයත් දන්නවලු අපි යාලුයි කියල.මගේ කරුමේ මට තරහ පාලනය කරගෙන ඉන්න තිබුන.
මොනා කරන්නද. අවරුදු කාලේ උදා උනා. ඉස්කෝලේ නිමාඩු දෙන දවසේ එයා මගේ ලඟට ඇවිත් wish කළා. ගොඩක් සතුටුයි. එදා තමයි මුලින්ම අතින් ඇල්ලුවේ,.
නිමාඩු කාලේ ඉතින් අවරුදු උත්සව වලදී එහෙම හම්බුනා.. දවසක් අවරුදු උත්සවේ ඉවර වෙලා Musical show ඒක බලන්න මම හිටියා.. ඉන්නකොට යාලුවෙක් කිව්ව රෑ වෙන්න කලින් ගෙදර පලයන්. උඹට හෙන සෙට් එකක් ගහන්න ඉන්නේ කියල.
ටිකක් විතර බයයි. කොහොම උනත් මම නංගි නිසා සිගරට් බොන්න පුරුදු වෙලා හිටියනේ. මම එයා යාළු උනාම ඒවා සේරම නැවැත්තුව. එත් හොඳම යාලුවෙක් කාලෙකට පස්සේ හම්බෙලා කතා කළා. මමත් ගියා. ගිහින් බොන්න හදනකොටම මස්සිනා ආවා තව දෙන්නෙක් එක්ක. අර මගේ යාලුවට මාර අප්සට්. එත් මස්සිනා ඉස්සර වෙන්න කලින් යාළුවා ඉස්සර වෙලා කතා කළා. කොහොම හරි කතාව දාල යාළුවා ශේප් කරලා දුන්න. මට ඒ දෙබස් ටික නම් මතක නෑ. ඒ උනත් ඒ යාළුවා කිව්ව කතාව දාන්න තිබුන නම් ශෝක්.
ඉතින් දැන් එයත් යාලුයි. ටික දවසක් ගියා ඔහොම. නංගි ගේ අම්මා ලංකාවට ඇවිත් මට කෝල් කළා. අමම්ත් දැන් කැමතියි අපේ සම්බන්දෙට. මාස කීපයක් ගත උනා.
එයාගේ අක්ක කෙනෙක් එක්ක එයා ෂොපින් යනවා කියල මටත් එන්න කිව්ව. මමත් ගියා. එයාගේ අක්ක ට දුවෙක් එහෙමත් ඉන්නවා. දුවට ඇදුම ගන්නකම් අපි කතා කළා. එදා තමයි මුලින්ම අපි හම්බුනේ. ගොඩක් සතුටුයි. ඊට පස්සේ ආයේ මාස ගානක් යනකම් හම්බුනේ නෑ, මාස 5 කට විතර පස්සේ ආයේ හම්බුනේ. මම අතින් අල්ලාගෙන කතා කළා..
ඉතින් සාමාන්‍ය ආදර කතාවක් වගේ තව අව්රුද්දක් අපේ කතාව ගෙවිල ගියා. දන්නෙම නැතුව මම එයාට අවරුදු 3ක් ආදරේ කරලා.

මම විභාගේ කරලා ඉස්කෝලෙන් අවුට් උනා. එයා දැන් කෝල් කරනවා. ගෙවල් වලින් වැඩිය ප්‍රශ්නයක් නෑ. එයා 9 වසරේ. එයා ඉස්කෝලේ යන්නේ නෑ කියල මට ආරංචි උනා. මං ඇහුව අයි කියල. ඒක ඒක ඒවා කියනවා. " මට ඉගෙන ගන්න ඕන නෑ අයියේ. " ඔය වගේ කතා ගොඩාක්. මට ගොඩාක් තරහ ගියා. මට ඉක්මනට තරහ යනවා. අයි බැරි? මං ඇහුව. මට බෑ. එය එච්චරයි කියන්නේ. මං කිව්ව අනේ නංගි ඔයා තවම O/L නේ. මං සල්ලි දෙන්නම්. පොත් අරන් දෙන්නම්. අනේ ඉගෙන ගන්න කියල. " මට බෑ අයියේ.මට ඉගෙන ගන්න ඕන නෑ. මම අසා නැහැ". එය එච්චරයි කිව්වේ, මම ෆෝන් ඒක කට කළා. ටික දවසක් ගියා එත් එහෙමමයි. මට දැන් එපා වෙලා ඉන්නේ. මං කියන දේ අහන්නේ නෑ. ආච්චි බනින නිසා මෙයා ඉස්කෝලේ යනවලු සතියකට සැරයක්. මම බැන්න. එත් වැඩක් නෑ. දැන් මම කියන දේවල් අහන්නේ නෑ. මට ආරංචි උනා එයා ඉස්කෝලේ එයාගේ පන්තියේ කොල්ලෙක් එක්ක ඕනවට වඩා කතා කරනවා අරව මේව කියල මම ඒක ගැන ඇහුවම උත්තර නෑ. මට තරහ ගිහින් දවසක් ගෙදර එකට අරන් ආච්චිට බැන්න. බැනල එයාගේ අක්ක ටත් බැන්න. මෙයාටත් හොඳට බැනල මම සම්බන්දෙ නවත්තනවා කියල මැසේජ් එකක් යැව්වා. මම කිව්ව මම කියන දේ අහන්නේ නැති අයට මම ආදරේ නෑ කියල.
කොහොම උනත් මේ තීරණේ මම ගත්තේ මගේ පව්ලේ අය එයාලගේ පවලට කැමති වෙන්නේ නෑ කියන හේතුව නිසාද කියලත් මට සැකයි. එත් එයා ඉගෙන ගන්න බෑ, අර ඉස්කෝලේ කොල්ල එක්ක තියෙන දේ අතරේ සම්බන්දයක් ඇති කියල මට තේරුණා නිසා. මං සම්බන්දෙ නැවැත්තුව. ගොඩක් දුකයි එත් මට ලොකු තරහක් ඇති උනා. ඔයාලම හිතල බලන්න මම කියන දේ අහන්නේ නැතුව අර කොල්ල කියන දේ අහනකොට හිතෙන්නේ මොනවද කියල.

ඔහොම ඔහොම මම හිත හදාගත්ත. එත් මට අදටත් තවම මතක් වෙනවා එයාව.
කොහොම කොහොම හරි කලින් කතාවේ ගල්ලමයා නිසා ලෙසා A/L එකවුන්ට්ස් ෆේල් උනා. මං කිව්වනේ එයාව බලන්න අරව මේවා නිසා වැඩිය ඉගෙන ගත්තේ නෑ කියල. ඉතින් මම ආයේ විභාගේ ලියන්න හිතුව. ක්ලාස් ගියා.. මේ ඒ සිදු උන සිදුවීමක්. සමහර අය නම් මේ කතාව දැකල ඇති, මම මේක කලින් මගේ වෝල් එකේ දැම්ම.. මේ ඒක ටිකක් එඩිට් කරලා තියෙන්නේ. කියවලම බලන්නකෝ....

හොඳට ඉගෙන ගන්න කියල හිතාගෙන හැමදාම ඉස්සරහ පේලියට ගියා මම. ක්ලාස් එකේ ඉස්සරහ පේලියේ හිටිය ලස්සන ගැල්ලමයෙක්.. විස්තර කලොත් එයා ලස්සනයි. කොන්ඩේ දිගයි පත්ත පැත්ත ගාවට. ලස්සන ෆිගර් එකක් තියෙනවා අර පට්ට කෑලි කියල හඳුන්වන අයගේ වගේ. එත් එය සුදු නෑ තලෙලලුයි. මටත් ඉතින් හිත ගියා දැක්ක ගමන්. මමත් ඉස්සරහ පේලියේ ඉදගෙන හිටියා. එයා හිටපු ගමන් බලනවා ඈ. මමත් ඉතින් හිතුව මං දිහා බලනවා කියල. ඔහොම ඔහොම මාස 3ක විතර ගියා. මං ලග හිටපු කොල්ලෝ දෙන්නත් එයාට ටෝක් දානවා. මං ගණන් ගත්තේ නෑ. මං සර් උගන්නන්නේ නැති වෙලාවට එයා දිහා බලනවා. මං ඒ කොන්ඩේ ටැ ගොඩක් ආස කළා..
දවසක් මගේ යාලුවෝ දෙන්නා ඒ කෙල්ලට කොළ කෑලි වලින් ගහල. මං දන්න තරමින් නම් කෙල්ලෝ අකමැතිම වැඩේ කොල්ලෝ කොළ වලින් ගහන එක. ඉතින් ඒ කෙල්ල ඒකට තද වෙලා බැන්න.
ඔහොම ඔහොම ඒ යාලුවෝ දෙන්න විකාර කරලා ඒ කෙල්ලට අපිව එපාම වෙලා තිබුනේ, මගේ ළඟ අර යාලුවෝ දෙන්නා ඉන්න නිසා මාවත් එයාලගේ ගානට දාල. සෙද්ද මං දන්නේ නැනේ ඕකක්. ක්ලාස් එකේ අන්තිම දවස ආවා. අපි සර් ටැ වැඳලා එහෙම ගෙවල් වලට ගියා.
මං ක්ලාස් ඉවර වෙලා මෙයා එනකම් හිටියා එයාලගේ පාර ළඟ. මෙයා ඉස්සරත් මං දිහා බලපු නිසා මම හිතුව මට කැමතියි කියල. මට පරණ නංගිව අමතක කරනන්ත් ඕන නිසා මම නම්බර් ඒක දෙන්න හිතුව, එයා අදත් මං දිහා බලල ගියා. යන ගමන් යාලුවට අතින් ඇනල මාව පෙන්නුවා. මං ඉතින් බයික් එකේ ගියා ගිහින් කව්රුත් නැති තැනකදී නම්බර් ඒක දුන්න. " මේ ඕකත් අරන් යනවද පාරේ මිනිස්සු ඉන්නවා " මට ඇහුනේ එච්චරයි. මට කරගන්න දෙයක් නැති උනා,.
මම සන්ගාල ගෙදර ආව.
මම එදා ඉදන් මම ඒ කෙල්ලට බයයි. විභාගේ කාලේ ආවා. අපිට වැටුනේ එයාලගේ ඉස්කෝලේ, අපි දන්නේ නැනේ ඒක. විභාගේ ලියල ඉවර වෙලා බලද්දී මෙන්න බොලේ මෙයත් ඒ ඉස්කෝලේ. ලස්සනම ලස්සනයි. කොන්ඩේ ලස්සනට ඒක කරලට ගොතල බිම ගෑවෙන තරමට.
ගෙදර යන්න බස් එකට නගින තැනට මෙයා ආවා. අර යාලුවත් මගේ ළඟ. ඒ යාලුවට හොරෙන් මම නම්බර් ඒක දුන්නෙත්. අපි එය නැග්ග බස් එකටම නැග්ග. අර යාළුවා එයාගේ නම්බර් ඒක ලියල බහින්න යන ගමන් ඒ කෙල්ලගේ ලඟට දාල බැස්ස. මට දැන් මාර අප්සට්.
දවසක් ඒ කෙල්ල කෝල් කරලා. හැබැයි ඉතින් හොඳින් නෙමේ, ඒ කොල්ල එයාගෙන් හොඳට අහගෙන.එය ටිකක් වසයි වගේ පෙනුම. ඉතින් ඒ කොල්ල එකේ තරහට යාලුවෝ සේරටම කෙල්ලගේ නම්බර් එක දෙනවා කියල මට ආරංචි උනා. මටත් එව්වා බයිට් කරපන් කියල. මං කරපු වැඩේ පව්නේ කෙල්ලෙක්නේ කියල උගේ පෝන් ඒකෙන ඩිලීට් කරලා මම මැසේජ් එකක් යැව්වා මෙහෙම "සොරි මං උයාට කරදර කළා නම්, මම එදා වෙල ලඟදි උයාට නම්බර් ඒක දුන්න කෙනා" කියල. තව අනං මනං දාල ලස්සනට යැව්වා. එය මුලදී මටත් බැන්න. මං මගේ name එක clean කරගන්න ඕන නිසා මම හොඳ කෙනෙක් එයාලයි නපුරු කියල එයාට තේරුම කරලා මම අයින් උනා. මැසේජ් කලේ නෑ.
(මට ඊට පස්සේ ශමි හම්බුනා. එයාගේ කතාව මම හෙට දාන්නම්..)
ඉතින් එයටම තේරිලා මම හොඳ කෙනෙක් කියල. මට මැසේජ් කළා. අදටත් මැසේජ් කරනවා.එත් අපිට එකතු වෙන්න නම් බැරි උනා මොකද මං ඔය උඩින් කිව්ව ශමි ව මට එතකොට හම්බෙලා තිබුන. මම තවමත් ආදරේ කරන්නේ මේ ශමි ට. මං එයට ඒ ගැන කිව්ව එයා කිව්ව අපරාදේ කියලත්. ඒ කියන්නේ එයාට මං ගැන කැමැත්තකුත් තිබිල.. දැන් අපි හොඳම යාළුවො. මේ ලඟදි හම්බෙලා කතා කළා. එත් අදටත් මම එයාට බයයි. එයා තමයි මගේ හොඳම යාළුවා. හැමදේම මම එයාට කියනව. එයත් එහෙමයි.
එයාව මුලින්ම දැකපු දවසේ ආදරයක් ඇති උනේ නෑ, නිකන්ම නිකන් කෙල්ලෙක් විතරයි. එයාගේ නම D. මගේ යාළුවා D ගේ යාලුවාට ආදරේ කළා. කොහොම කොහොම හරි එයාල දෙන්න යාළු උනා. ඔන්න ඔය අතරේ මගේ පලවෙනි ආදර කතාවට මම නැවතීමේ තිත තිබ්බ.(අර කලින් කිව්වේ ඒක.) එයාව අමතක කරන්නම බැහැ මට මගේ දුක කියන්න කව්රුවත් නැහැ, ඒ අතරේ අර යාළුවයි එයාගේ කෙල්ලයි (D ගේ යෙහෙළිය) තරහ වෙලා. මම යාලුවගෙන් D ගේ නම්බර් එක අරන් මැසේජ් කරලා ඒ දෙන්නව අයෙමත් යාළු කළා.
ඉතින් එහෙම එහෙම අපි මැසේජ් කළා. ඒ නංගි හරිම අහිංසකයි. මම දැකපු විශේෂ දේ තමයි එයාගේ අවංකකම. මම මගේ හැම දෙයක්ම කිව්වේ එයාට. මටත් නොදනිම මට ආදරයක් හිතට දැනුන. එත් මං එයා ගැන ගොඩක් විස්තර හෙව්වා රෑ වැටුන වලේ දවල් වැටෙන්නේ මොකටද කියල හිතල. එහෙම ප්‍රශ්නයක් නම් නෑ. ඔහොම ඔහොම මාස කීපයක් ගෙවුනා. ඒ 2012 ජුලි 29 වෙනිදා. රෑ 10 ට විතර මම ඒ නංගි ට මගේ හදවතේ තිබුන දේ කිව්වා. එයාගේ අදහස ඇහුව. එය කිව්වා හිතල කියන්නම් කියල. මගේ තියෙන කපටිකම නිසා මම අහල යවපු මැසේජ් එකේ 12 ට කලින් කියන්න කියල හිතට දැනෙන විදියට කියල තිබුන. එයා කොහොම හරි 11.45 ට විතර අයියේ මං කැමතියි කිව්වා. ඒ දවස වෙනකොටත් මම එයාව දැකල තිබුනේ දෙපාරක් විතරයි. මම ආදරේ කලේ අවංකකමට, එයත් එක දැනගෙන හිටියා. මාසෙකට පස්සේ අපි හම්බුනා මුලින්ම ගියේ ගෝල්පේස්. එදා තමයි ඒ මුණ හරියටම මම දැක්කේ. අදටත් මම ගොඩාක් ආදරෙයි මගේ ශමියට.

No comments:

Post a Comment