Sunday, August 17, 2014

tatoo gun එකක් හදමු.

දෙන්නෙක් තුන්දෙනෙක් හදපු හැටි අහපු නිසා පරණ බ්ලොග් එක හොයාගෙන එකේම පොස්ට් එකකින් කියාදෙන්න හිතුන. මුලින්ම ඒ පේස්බුක් යාළුවන්ට ස්තුති කරනවා.

ටැටූ ගන් හදන්න ගොඩක් විදි තියෙනවා. මේ හදන්නේ පෑනකින්.

ටැටූ ගන් එකක් හදන්න අපිට ඕන කරනවා ටිකක් විතර මහත පෑනක්, මෝටරයක් (පොඩි සෙල්ලම්බඩු වල තියෙන), ටිකක් හයිය කම්බි කෑල්ලක්, මොටරයට හරියන බැටරි, බොත්තමක් හෝ ඒ හා සමාන මොටරයට සවිකළ හැකි රවුමක් (පස්සේ පැහැදිලි කරන්නම්), වයර්, ඉදිකටුවක්, යකඩ පටි කෑල්ලක්..

මුලින්ම ටිකක් මහත පෑනක් ගන්න ඕන මන් ගත්තේ මහත තුඩ තියෙන පාට පෑනක්. දැන් එකේ උඩ කෑල්ල අයින් කරලා හොයාගන්න ඕන යකඩ කෑල්ලක් මේකට හයි කරන්න. එතකොට ඒ යකඩ කෑල්ලට තමයි අපි මොටරේ හයි කරන්නේ. මන් ගත්ත මේ පොටෝ එකේ විදියේ යකඩ කෑල්ලක්.


ඔතන එක තැනක් හයි වෙනවා පෑනට. අනික් තැන තමයි මොටරේ තියන්නේ. මෙන්න මේ විදියට මොටරේ ඔය කෑල්ලට හයි කරගන්න.



දැන් ඔය මොටරේ කැරකෙන තුඩ ට හයි කරගන්න ඕන බොත්තමක් හරි අරවගේ කෑල්ලක් හරි. ඕකෙන් තමයි ටැටූ ගන් එකේ තුඩ උඩට පහලට එන්නේ. මේක බලලා පොඩි අයිඩියා එකක් ගන්නකො.



ඔය රවුම එකපාරක් කැරකෙනකොට තුඩ එකපාරක් එලියට ඇවිත් යනවා..


දැන් ඔය හයි කරපු කම්බිය අපි පැන ඇතුලට දාල නිකන් බලන්න ඕන කොච්චරක් දිගට ඕනෙද කියල. අපි ඔය කම්බියට ඉදිකට්ටත් හයි කරන්න ඕනනේ. එකත් හිතේ තියාගෙනම ගානට කම්බිය කපලා අගිස්සට ඉදිකට්ට මේ විදියට හයි කරගන්න.


ඊට පස්සේ ඔය කෑල්ල පෑනට හයි කරගන්න ඕන. මෙන්න මේ විදියට.



දැන් ටේප් ගහල එහෙම බැටරි කෑලි දෙක ඔකටම සෙට් කරගත්තනම් ගොඩ. නැත්නම් ඉතින් වයර් පටලවාගෙන ටැටූ ගහන්න ටිකක් අමාරුයි., ඉතින් මෙහෙම බැටරි කෑලි දෙකත් එකට ටේප් කරගෙන ඔකටම සෙට් කරගන්න. වයර් කෑල්ලක් නමලා ඕන වෙලාවට ඔන් ඔෆ් කරගන්න ස්විච් එකකුත් හදාගන්න.



ඉතින් ඔච්චරයි. තවත් පැහැදිලි වෙන්න, අයිඩියා එකක් ගන්න මන් තව වෙන අයගේ පොටෝ ටිකකුත් පහලින් දාන්නම්. හැබැයි තව දෙයක්. ඉදිකට්ට හරියටම එක කෙලින් එන්න ඕන නැත්නම් ඔයාට ඕන විදියට ටැටූ එක ගහන්න බෑ. එකට ඉතින් පෑනේ තුඩ හීනියට තියාගන්න.








1 comment:

  1. The wire casino at Borgata to pay $1.2m for - KTM Hub
    a 여수 출장안마 long list of 영주 출장샵 casinos that have their own gaming app. Borgata is the latest Borgata to receive an 포천 출장마사지 approval by 용인 출장안마 the 양산 출장마사지 gaming commission for

    ReplyDelete